Saturday, July 10, 2010

යෞවනය..................

අතුපතර විහිදුන වෘක්ෂයක
අවසරයි නම්
ලෑගුම් ගන්නට
සියොතුන්ට.........
සිප ගන්නට
වෙරළ තීරයම
අවසරයි නම්
මුහුදු රළකට........
රෑ තනි යහනට
වඩින්නට
අවසරයි නම්
නිදි දෙව්දුවට.............
තණ අග පිනිබිදුව වන්
ආදරණීය යෞවනය,
නුඹට අවසරයි
ගොඩවදින්නට
මගේ ජීවිත යාත්‍රාවට............

No comments:

Post a Comment