Wednesday, July 28, 2010

සමාවෙන්න..........

මම මේ දවස් වල ටිකක් විතර කර්යබහුලයි.රෑකියාවයි,පාඩම් වෑඩයි,විභාගයි නිසා මේ දවස් ටිකේම බ්ලොග් 1 පෑත්තෙ එන්න බෑරි වුණා.ඒත් පුලුවන් තරම් ඉක්මනට ආයෙත් ඔයාල වෙනුවෙන් ලියන්න පටන් ගන්න මම පොරොන්දු වෙනවා.ඔයාලට සුබ දවසක්................

Monday, July 12, 2010

රාත්‍රිය......................

කාටත් හොරා ඈහෑරුණු
කුමුදු මල්.........
රහස් කියන්නට
සෑරසෙනා නිමේෂයේ...........
නිශාචර සියොත් කෑල
සරදම් රටා
මවද්දි...........
සුන්දරයි නුඹ............
දුහුල් වළා සළු පෑළද
නෙත් යුග සනසවන්නට...........
තරු එළියෙන්
පාර අසාගෙන .......
මගෙ ගෙපෑලටත් වඩිනු මෑන
නිසන්සල වු
රාත්‍රිය............

Sunday, July 11, 2010

කදුල................

වස්සානයේ
ගිගුම් දෙන අහස් තලය
සාක්ෂි දරාවි
දිනෙක,
ඒ හදෙහි වු වේදනාව
නිමක් නෑති වු වග.................
දෝර ගලනා දුක,
වෑලදගෙන
දෝතින් තුරුලු කරන්..........
වෑටෙන්නට අර අදින
නෙත් අද්දර නළියනා.............
නුවන් යුග රිද්දවා
උල්පතක් සේ.............
දෙකොපුල් දිගේ රූටා හෑලෙන
අනවසරයෙන් මුත්
මගේ කම්මුල් සිඹින
නුඹම විය
කදුල................

Saturday, July 10, 2010

යෞවනය..................

අතුපතර විහිදුන වෘක්ෂයක
අවසරයි නම්
ලෑගුම් ගන්නට
සියොතුන්ට.........
සිප ගන්නට
වෙරළ තීරයම
අවසරයි නම්
මුහුදු රළකට........
රෑ තනි යහනට
වඩින්නට
අවසරයි නම්
නිදි දෙව්දුවට.............
තණ අග පිනිබිදුව වන්
ආදරණීය යෞවනය,
නුඹට අවසරයි
ගොඩවදින්නට
මගේ ජීවිත යාත්‍රාවට............

Friday, July 9, 2010

තාත්තේ..............

කලා පුරමින් පෑයු
සද මඩල..........
එකලු කලා අහස් ගෑබ
ඒ සිසි කෑන් දහර,
ආදරය වගේමයි
ඔබෙන් ලද........
තවමත් ආසයි දග කරන්නට
නුඹේ සුළගිල්ලේ එල්ලී
තාත්තේ..........
මහා සවියක් වුණා
ඔබ මගේ දිවියට.....
ඒ අභිමන් දොතින් ගන්නට
වරම් ලද
දියණියයි මා ඔබේ..............

Thursday, July 8, 2010

අම්මේ...........

කෙත් යාය පීරමින්
ඈදෙන සුළගේ පහස...........
පාර පෙන්නාවි
අරුණෝදයේ
විකසිත වන්න මල් කෑකුළකට........
එලෙසින්ම,
මග කිවුවා මට
නුඹේ උණුසුම.............
විකසිත වන්නට
ඔබේ ලොව තුල
දියණිය ලෙසින්...........
ඉතින් අවසරයි
නමදින්නට ඔබේ පායුග
මව්නි සදාදර.............

Wednesday, July 7, 2010

නෙත් ඉම..........

දනිමි මම
දකින්නට වරම් ඈති වග,
ලෝකයම...........
පවසන නිසාවෙන්
මගෙ නෙත් යුග මටම.........
මුල පුරමි මේ ලෙසින්
තෙරක් නොපෙනෙන විශ්වයේ
පණ පොවන්නට පන්හින්දට,
අසුවන දේ වෙනුවෙන්
මගෙ නෙත් ඉමට...............